සාම්ප්‍රදායික අය-වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය-වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම්, ආචාර් ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
දේශීය ව්‍යාපාරිකයන්ට, නව ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය විය යුතු අතර රටේ සම්පත් වලට අමතරව නව ආයෝජන අවස්ථා රටට උදා වන්නේ එමගින් බව ද ජයසුන්දර මහතා පැවසීය.