“මේ මහ කන්නයට පළිබෝධ නාශක දෙන්න බෑ”-සමාගම් කියයි

පළිබෝධ නාශක ආනයනය සඳහා රජය අවසර ලබා ඇතත් මෙම මහ කන්නයට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීම ගැටළුකාරී බවත් අඩුම තරමින් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් මෙරට ප්‍රධාන පෙළේ ආනයන සමාගම් කියයි.එමෙන්ම ඒවාට ගෙවීම් සදහා ඩොලර් හිඟයද බලපා තිබෙන බවත් ඔවුහු කියා සිටිති.එම සමාගම් වැඩිදුරටත් පවසනුයේ මාස හයකින් පසු මුදල් ගෙවීමේ පදනම මත පළිබෝධනාශක ආනයනය කරන ලෙස රජය දැනුම් දී ඇතත් මාස දෙකක් තුනක් අතර කාලයකදී ඒ සඳහා මුදල් ගෙවිය යුතු වීම ඒ සම්බන්ධයෙන් බලපාන තවත් ගැටළුවක් බවය.

කාලීන පුවත්