මේ සති තුන 1869 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණුයි

මේ සති තුන 1869 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණුයි 1869 වසරේ සිදු වූ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණු තත්ත්වයක් මේ වන විට ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින බවත් මේ වන විට එළඹ ඇත්තේ තමන් පෙර සිටම සඳහන් කළ අසීරු සති තුනේ කාලය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.එසේ වුවද එළැඹෙන කාලය තුළ රට ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අගමැති වරයා කියයි.එසේම මේ වන විට බලපවත්නා ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ අගමැති වරයා මෙය මීට මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒමේ දී ඇති වූ කළමනාකරණ දුර්වලතා නිසා හට ගත් තත්වයක් බව ද අගමැති වරයා කියයි..

කාලීන පුවත්