මෝදි ගේ “දේව කතා”ඉන්දියාව හින්දු ආගමික රාජ්‍යයක් වීමේ පෙරනිමිත්තක් ද?

ඉන්දීය ලෝක් සභාව සඳහා මන්ත්‍රීවරු 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා වූ මැතිවරණය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර ජූනි 1 වැනිදා නිමාවට පත් විය. සමස්ත ඡන්ද ප්‍රතිඵලය ජූනි 4 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව පවතී. දින 44 ක කාලයක් ඡන්දය විමසීම පැවති මෙය ඉන්දීය ඉතිහාසයේ මෙතෙක් පවත්වන ලද දැවැන්තම ඡන්ද විමසීම බව පැවසේ. ඉන්දියාවේ සමස්ත ජනගහනය වූ බිලියන 1.4 කින් මිලියන 968 දෙනෙක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබාගෙන සිටි අතර එය ප්‍රතිශතයක් ලෙස ගත හොත් සමස්ත ජනගහනයෙන් 70% ක් පමණ වේ. මේ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුක්ත භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජානත්තවාදී සන්ධානය බහුතරයක් ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ කොට තිබේ.

රාහුල් ගාන්ධි දේශපාාලන රැස්වීමකට සහභාගී වෙමින්

 

සාමාන්‍යයෙන් රූපවාහිනී සාකච්ඡාවලට සහභාගී නොවන මෝදි පසුගිය දිනෙක එරට NDTV නාලිකාව සමග අදහස් දැක්වීමක් සිදු කරන ලදී. එහිදී ඔහු විසින් කරන ලද එක් ප්‍රකාශයක් සියලු දෙනාගේම අවධානයට සහ විවේචනයට ලක් වන සුළු එකක් බවට පත් විය. එය මෙසේය.

මෝදි විසින් කරන ලද ප්‍රකාශය මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කොට තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් අදහස් ප්‍රකාශක කළ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පවසා සිටියේ සාමාන්‍ය පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් ඒ තැනැත්තා නිසැකවම මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු කළ යුතු බවය. එමෙන්ම දෙවියන් පවසා ඇත්තේ අදානි ට සහ අම්බානට පමණක් උපකාර කරන්නට ද යන්නත් ඔහු මෙහි දී අසා තිබිණි.

“මා සිතන්නේ මෙලොවට මා එවා ඇත්තේ පරමාත්මයාණන් (දෙවියන්) විසින්. ඒ යම් අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ ඉටු වූ පසු මගේ වැඩ කොටස අවසන්. දෙවියන් කෙරෙහි මා මේ තරමටම භක්තිවන්න වී සිටින්නේ ඒ නිසයි.”

මෝදි දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින්

මෝදි විසින් කරන ලද ප්‍රකාශය මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කොට තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් අදහස් ප්‍රකාශක කළ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පවසා සිටියේ සාමාන්‍ය පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් ඒ තැනැත්තා නිසැකවම මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු කළ යුතු බවය. එමෙන්ම දෙවියන් පවසා ඇත්තේ අදානි ට සහ අම්බානට පමණක් උපකාර කරන්නට ද යන්නත් ඔහු මෙහි දී අසා තිබිණි. මෝදි සිය ප්‍රකාශය තුළ මෙසේ ද පවසා තිබිණි.

“මගේ මව ජීවතුන් අතර සිටිය දී මා විශ්වාස කළේ මා උපන්නේ ජීව විද්‍යාත්මකව බවයි. ඇය මිය ගිය පසු, මගේ සියලු ජීවන අත්දැකීම් සැලකිල්ලට ගත් පසු මට අවබෝධ වූණේ මා මෙලොවට එවා ඇත්තේ දෙවියන් බවයි.”

පරමාත්මයාණන් යනු විෂ්ණු දෙවියන් බව එක මතයකි

ඔහුගේ අසාමාන්‍ය බලවත් බවට හේතුව ජීව විද්‍යාත්මක නොවන කාරණයක් බව ඔහු මේ අනුව ප්‍රකාශ කර සිටියේය.

“මට හැකියාවන්, අපේක්ෂාවන් සහ යහපත ඉටුකිරීම සඳහා අරමුණු ලබා දුන්නේ දෙවියන් විසින්. මම දෙවියන්ගේ පණිවිඩකාරයෙක් මිස වෙන කිසිවෙක් නෙවෙයි.”

මෝදි ‘දේව සංකීර්ණය’ (God Complex) නම් මානසික රෝගයකින් පෙළෙන්නේ දැයි එක් රූපවාහිනි නාලිකාවක් මගින් භාරතීය ජනතා මාධ්‍ය ප්‍රකාශක සංජු වර්මාගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

NDTV සමග මෝදි පැවැත්වූ සාකච්ඡාව අතරතුර

“එක් දිනක් තුළ ඔහු මහා මාර්ගයේ ප්‍රසිද්ධ රැළි දෙකකට පමණ සහභාගී වෙනවා. එකිනෙකට වෙනස් ප්‍රාන්ත තුනකට ගමන් කරනවා. නැවත සවස් වී දිල්ලියට පැමිණි පසු මාධ්‍යයට සම්පූර්ණ ප්‍රකාශයක් නිකුත් කරනවා. ඔහු මහත් බලසම්පන්න බලවේගයකින් යුක්ත නිසයි එසේ කරන්නට හැකි වී තිබෙන්නේ.”

මෝදිි විසින් පවසන ලද මේ දෙවියන් හෙවත් පරමාත්මයාණන් කවුද යන ගැටලුව හින්දු ආගමිකයකු නොවන අයෙකුට ගැටලුවක් ඇති විය හැකිය. හින්දු භක්තිය තුළ දෙවිවරු අතිමහත් සංඛ්‍යාවක් සිටිති. මේ සියල්ල අතරින් ඉහළින්ම සිටින දෙවියන් පරමාත්යණානන් ලෙසින් හඳුන්වනු ලබන බව පැවසේ. එය වෙනත් දේව මූලික ආගම්වල සඳහන් වන ‘දෙවියන් වහන්සේ’ යන්නට වඩා වෙනස් සංකල්පයකි. හින්දු දේව මණ්ඩලයේ ඉහළින්ම පසුවන්නේ ශිව දෙවියන් බව පැවසේ. මේ අනුව මෝදිගේ අතිමහත් ශක්තිය පසුපස සිටින්නේ යැයි ඔහු විසින් පවසන බලවේගය අන් කිසිවක් නොව ශිව දෙවියන් විය හැකි යැයි මේ අනුව ඇතැමෙක් පවසති.

මෝදි කෙතරම් ජාතිවාදී නැඹුරුවකින් යුක්ත නායකයෙක්දැයි පවසතොත් ඔහු සිය රට ‘ඉන්දියාව’ යනුවෙන් හැඳින්වීමට පවා කැමැත්තක් නැත. ඔහුට අවශ්‍ය එය අතීතයේ පැවතියා සේ ‘භාරතය’ යන නමින් හඳුන්වන්නටය. ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් වුවත් පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය හින්දු ආගම ප්‍රවර්ධනය කිරීමේ සහ මුස්ලිම් ජනතාව මර්දනය කිරීමේ වැඩපිළි‍වෙලක් ක්‍රියාත්මක කරයි.

මෝදි මේ ප්‍රකාශන යම් මනෝ ව්‍යාධියක් නිසා පවසනවා ද, නැතහොත් ඒවා හුදෙක් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ප්‍රචාරාත්මක උපක්‍රම ද යන පැනය ද සමාජ මාධ්‍යවල දක්නට ලැබේ. එය පසුපස ද යම් යම් කාරණා දක්නට ලැබේ. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බහුතර හින්දු සමාජය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ජාතිවාදී පක්ෂයක් බව ප්‍රසිද්ධ කාරණයකි. මෝදි කෙතරම් ජාතිවාදී නැඹුරුවකින් යුක්ත නායකයෙක්දැයි පවසතොත් ඔහු සිය රට ‘ඉන්දියාව’ යනුවෙන් හැඳින්වීමට පවා කැමැත්තක් නැත. ඔහුට අවශ්‍ය එය අතීතයේ පැවතියා සේ ‘භාරතය’ යන නමින් හඳුන්වන්නටය. ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් වුවත් පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය හින්දු ආගම ප්‍රවර්ධනය කිරීමේ සහ මුස්ලිම් ජනතාව මර්දනය කිරීමේ වැඩපිළි‍වෙලක් ක්‍රියාත්මක කරයි. ජම්මු – කාශ්මීර් ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම්වරුන්ට සුවිශේෂී බලයක් හිමි කර දුන් 370 වගන්තිය අහෝසි කර එම ප්‍රදේශය තුළ හින්දුන්ට ද සම අයිතීන් ලබා ගන්නට බොහෝ දේශපාලන නායකයන් උත්සාහ කළ ද එය කරන්නට නොහැකි විය. නමුත් මෝදි එය අහෝසි කළ අතර එය ජනතාව හමුවේ මහත් අභිමානයකින් ප්‍රචාරය කිරීමේ අරමුණින් චිත්‍රපටයක් ද නිර්මාණය කරන්නට අනුබල දුන්නේය. Article 370 නම් වූ එය ඉස්මතු වූයේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් ලෙස නොව සාමාන්‍ය ක්‍රියාදාම ගණයට වැටෙන නිර්මාණයක් ලෙසිනි. එහි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ස්වරූපය ද මෝදිට සෑම අතින්ම සමාන ලෙස ඉදිරිපත් කර තිබීම ද විශේෂ කාරණයක් විය. ඉන්දියාව පුරා මහත් ජනප්‍රියත්වයක් හිමි කර ගත් මේ චිත්‍රපටය බහුතර හින්දූන්ගේ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් මෝදිගේ ගොඩට දමා ගන්නට හේතුවක් වූ බව ද පැවසේ.

මෝදි දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින්

මේ මැතිවරණයෙන් මෝදිගේ සන්ධානය ලෝක් සභාවේ ආසන 543 න් 355 – 380 අතර ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වී තිබේ. එය අතිමහත් බහුතරයක් වන අතර එය ඉන්දියාව තුළ මහත් විපර්යාසයන් කරන්නට මෝදිට බලය ලබා දෙන්නක් වනු ඇත. මේ විපර්යාසයන් බොහෝ විට හින්දු ආගම්වාදී ජාතිවාදී වෙනස්කම් වන්නට ද ඉඩ තිබේ. එය පරමාත්මයාණන්ගේ අරමුණ ඉටුකර දීම සඳහා මෝදිට මහඟු අවස්ථාවක් උදා කරනු ඇත. ඔහු පරමාත්මයාණන් පිළිබඳ සිදුකරනු ලැබූ ප්‍රකාශන හුදෙක් මැතිවරණ ප්‍රකාශන වුවත්, අනෙක් අතට මනෝ ව්‍යාධියක් නිසා ප්‍රකාශ කරන ලද ඒවා වුවත් අවසානයේ ඇති වන්නේ එකම ප්‍රතිඵලයකි. ඒ ඉන්දියාව තුළ ආගම්වාදී ජාතිවාදී ප්‍රතිශෝධන තවත් දැඩිව ක්‍රියාත්මක වීම පමණි.

Article 370 සිනමා පටයේ අග්‍රමාත්‍යවරයාගේ පෙනුම ද මෝදි ට සමානය
Article 370 සිනමා පටයේ ප්‍රචාරක පෝස්ටරයක්

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර