යකඩ යකා අද සිට පණ ගහයි

දුම්රිය කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීමේ අඩුවක් පැවතීම සහ වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක වැඩවර්ජනය කළ වැඩ වර්ජනය නිසා ඊයේ(06) අඩාලව පැවැති දුම්රිය ධාවනය අද  සිට සමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව දුම්රිය මූලස්ථාන ආරංචි මාර්ග කියයි. දුම්රිය සේවකයන්ට ඉන්ධන ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා පොරොන්දු වූ අතර දුම් රිය සේවකයන්ගේ රාජකාරී වලට බාධා නොවන අන්දමට ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් යොදනු ඇති බව ද දුම්රිය මූලස්ථාන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්