“යකඩ යකා” යළි මිහින්තලේට මාන බලයි

1993 වසරේ මිහින්තලේ පැවැති ගම් උදාවට සමගාමීව හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා ගේ සංකල්පයකට පසුව ඉදි කරනු ලදුව කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ කෙරිණි.මෙහිදී අනුරාධපුරයේ සිට මිහිනතලේ දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12ක දුර ප්‍රමාණයකින් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතය.. ආර්.ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව1993 වසරේ මැයි 28 වනදා විවෘත කරන ලද මෙම දුම්රිය මාර්ගයේ දුම් රිය ධාවනයට විශාල පිරිස් එවක විරුද්ධ වූ අතර අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ බස් රථ ධාවකයන් ද ඒ අතර වූ බවට එවක ආරංචි පැතිරුණි.මිහින්තලේ දුම්රිය ස්ථානය පිහිටියේ එම බස් මාර්ගය සමීපයේ ය.

කාලීන පුවත්