යල කන්නයේ වගා හානිවූ ගොවීන් සඳහා වන්දි ලබාදීම හෙට (19) සිට ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය පැවසුවේ වන්දි ලබා දීමේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව ගොවීන් 250කට වන්දි පිරිනැමීම හෙට පෙරවරු 09.00ට අඟුනකොලපැලැස්සේදී සිදු කෙරෙනු ඇත.