යළි ඩෙංගු අවදානමක්

යළි රටේ දිස්ත්‍රික්ක කීපයක ඩෙංගු පැතිරීමේ අවදානමක් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. දැනට එම රෝගීන් විසි පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වුවත් මහනුවර ගාල්ල.මඩකලපුව.ත්‍රිකුණාමලය.රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක වලින් ද වැඩි රෝගින් පිරිසක් වාර්තා වන බව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ අනුව පැය 24 ට වඩා උණ තිබේ නම් රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගත යුතු අතර ඒ පිළිබඳව අවධානය යොමු නොකිරිමෙන් රෝගය මාරාන්තික විය හැකි බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩි දුරටත් පවසයි.

කාලීන පුවත්