යාපන සඳ කිරණ සංචාර දුම්රිය අගෝස්තු 04 දා සිට

කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ‘යාල් නිලා ඔඩිසි ’( යාපන සඳ කිරණ සංචාර ) නමින් අධිසුඛෝපභෝගි දුම්රිය සේවයක් අගෝස්තු 4 වැනිදා සිට ආරම්භ කෙරේ.සිකුරාදා රත්‍රි 10.30ට පිටත් වනගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය සෙනසුරාදා උදේ 6.00 ට ඉරිදා රාත්‍රී 10.30ට නැවත ළඟාවීමට නියමිතය. නැවත ඉරිදා රාත්‍රී 10.30ට ඉරිදා රාත්‍රී 10.30ට නැවත කන්කසන්තුරයෙන් ගල්කිස්ස දක්වා ගමන් ආරම්භ කරන ‘යාල් නිලා ’ සඳුදා උදේ 6.00 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.‘යාල් නිලා’ දුම්රියේ එක් ගමනාන්තයක් සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000ක් වන අතර දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000ක් වේ. තෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2000ක් වේ.මෙම යාල් නිලා අධිසුඛෝපභෝගි දුම්රියේ තුන්වන පන්තියේ ආසන 106ක්, දෙවන පන්තියේ ආසන 128ක්, පළමු පන්තියේ ආසන 336ක් පවතින අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරගත හැකිය. සුව පහසු ආසන හා උසස් තත්වයේ අවන්හලකින්ද යාල් නිලා දුම්රිය සමන්විත වේ.

කාලීන පුවත්