“යාල් දේවී” මාස පහකට නවතී

උතුරු දිග දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කොට නිමා කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසීය. ඒ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.පසුගිය කාලය තුළ නිසි නඩත්තුවකින් තොරව එක දිගට දුම් රිය ධාවනය කිරීම මත දුම් රිය මාර්ගය බෙහෙවින්ම අබලන් ව පවතින බවත් ඒ අනුව දිගින් දිගටම වේග සීමා පැනවීම සාර්ථක විසඳුමක් නොවන බවත් පසුගිය කාලය තුළ දුම් රිය ආරංචි මාර්හ සඳහන් කළ අතර එම මාර්ගයේ දුම් රිය නිරන්තර පීළි පැනීම් වලට ලක් වීම ද මෙම තීරණය හේතු වී ඇති බව සඳහන් ය.

 

කාලීන පුවත්