යුක්රේන ආක්‍රමණය රුසියානු හමුදාවන්ට මුල දී සිතූ තරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ජාත්‍යන්තර යුද නිරීක්ෂකයෝ පවසති.මේ වන විටත් රුසියානු යුද භටයන් විශාල පිරිසක් යුක්රේන හමුදාවන්ට යටත් වී ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත.බිමට යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිසි ලෙස සම්පූර්ණ නොවීම මත රුසියානු හමුදාවන් හි ආත්ම ධෛර්ය හීන වෙමි ඇති බවත්, ඇතැමුන් සටන් පෙරමුණට යාමෙන් වැළකී සිටීම පිණිස සන්නද්ධ රඨ පවා කඩා බිඳ දමා යුක්රේන හමුදා භාරයට පත් ව ඇති බවත් මෙම තත්ත්වය යටතේ රුසියානු හමුදා අනපේක්ෂිත පසුබෑමකට ලක් ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.