යුක්රේනයේ ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්

යුක්රේනයේ ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් දැනට යුද ප්‍රහාර වලට ලක්ව ඇති යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනිම සදහා විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇති විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි. එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට තුර්කියේ අන්කාරා නගරයේ හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක්ද ස්ථාපනය කර තිබේ.ඒ අනුව 090 534 456 94 98 හෝ 090 312 427 10 32 යන දුරකථන අංක ඔස්සේ තානාපති කාර්යාලයෙන් තොරතුරු දැන ගත හැකිය. යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වීම ඊට හේතුවය.
විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ යුක්රේනයේ පවතින තත්ත්වය මත අනෙකුත් ශ්‍රී ලාංකිකයින් මෙරටට එවිමේ කටයුතු සම්බන්ධීකරණය කිරිමට සුදුසු පියවර ගන්නැයි තුර්කියේ අන්කාරා නගරයේ හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දි ඇති බවයි.

කාලීන පුවත්