කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහිව නැඟී සිට රැකගත් ආකාරයෙන්ම කෙරවලපිටිය යුග දනවි තාප බලාගාරය ඇමරිකාවට ලබා නොදී රැක ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහක් බොරැල්ලේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ඊයේ(20) පැවැති සාකච්ඡාව අවසානයේ එම පක්ෂ නායකයෝ එක්ව අවධාරණය කළහ.මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි දේශපාලන තීන්දුවක් ගැනීමට උත්සාහ කරන බවත් එවන් තීන්දුවක් ගනිද්දී කොල කෑලි වල අත්සන් කළ දේවල් වලංගු නොවන බවත්ය. අදාළ ගිවිසුම ගැන කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේද සාකච්ඡා වූයේ ඉතා සුළු වශයෙන් බවද ඔහු පැවසීය.