යුද්ධය යනු සැමවිටම පරාජයක් බැවින් පලස්තීන – ඊශ්රායල් යුද ගැටුම වහා අවසන් කරන ලෙස තමන් දෙපාර්ශවයටම ආයාචනා කරන බව ශුද්ධෝත්තම පළමු වන ෆැන්සිස් පාප් වහන්සේ ප්රකාශ කරති.මේ අතර ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.“යුද්ධය යනු සැමවිටම පරාජයක්. යුද්ධය මානව සහෝදරත්වයේ විනාශයකි. සහෝදරවරුනි, නවත්වන්න! නවත්වන්න!” යැයි රෝමයේ ශාන්ත පීතර චතුරශ්රයේ පැවති සාම්ප්රදායික ඇන්ජලස් යාච්ඤාවෙන් අනතුරුව උන්වහන්සේ කියා සිටියහ.“දිගටම මානුෂීය ආධාර ලබාදීමට සහ ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමට මම මගේ ඉල්ලීම අලුත් කරමි” යැයි ද පාප් වහන්සේ සඳහන් කළහ.පාප් වහන්සේ පසුගිය 19 වැනිදා වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්රයේ සංක්රමණිකයන් සහ සරණාගතයින් වෙනුවෙන් යාච්ඤාවක් ද පැවැත්වූහ.