යුද හමුදා වැටුපට සමාන ලෙස පොලිසියේ වැටුප් ඉහළ දානවා

යුද හමුදා වැටුපට සමාන අයුරින් පොලිසියේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ පොලිස්පති විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරි ඉටුකරන ලද පොලිස් නිලධාරීන්ට සහ වසර 33 කට පසු ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරඟයේ ශූරතාව ජයග්‍රහණය කළ නිලධාරීන් ඇතුළු 436 දෙනෙකුට මෙහිදී මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් තොරතුරු ලබා දෙන ලද පුද්ගලික ඔත්තුකරුවන්ට ද මෙහි දි මුදල් ත්‍යාග ප්‍රදානයක් සිදු කෙරුණු අතර වැලිඔය කුඩා දරුවාට පහරදීමේ සිද්ධිය වීඩියෝගත කළ කුකුල් චමින්ද යන අය අත්අඩංගුවට ගැනීමට මඟ සැලසූ තරුණයාට රුපියල් ලක්ෂ 05 ක මුදලක් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විය.

කාලීන පුවත්