යුරෝපයෙන් අඩකම ඔමික්‍රෝන්

ඉදිරි මාස දෙක තුළ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය සමස්ත යුරෝපාකරයෙන් අඩකම පැතිර යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි , ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් පවතින බව ද එම සංවිධානය සදහන් කරයි.

මේ වසරේ මුල් සතිය තුළ යුරෝපයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හැතෑවක් වූ අතර  සති දෙකක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක් පුරාම ව්‍යාප්ත වී ඇති අතර ඉදිරියේ දී එහි යම් වර්ධනයක් සිදු වීමේ අවදානමක් පවතී ඉදිරි මාස දෙක තුළ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය සමස්ත යුරෝපාකරයෙන් අඩකම පැතිර යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි , ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් පවතින බව ද එම සංවිධානය සදහන් කරයි.

කාලීන පුවත්