රජයෙන් වී කිලෝවකට රුපියල් 75 ක්

අද(25) සිට වී කිලෝවක් රුපියල් 75 ක මිලකට අද සිට මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ වී අලෙවි මණ්ඩලය මගින් එම මිලදී ගැනීම් සිදුකරන බවයි. මීට පෙර වී කිලෝවක් මිලදී ගනු ලැබුවේ රුපියල් 50 ක මිලකය. ගොවීන්ට වී විකුණා ගැනීමේදී අපහසුතාවක් ඇති නොවීමට ක්‍රියාකරන බව ද ඔහු කීවේය. මේ අතර, ඉකුත් මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් පවතින්නේ නම් ඉන් බලපෑමට පත්වන ගොවීන්ට වී කිලෝවක් සදහා රුපියල් 25 ක් බැගින් වන්දි මුදලක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත්. ඒ සඳහා රුපියල් බිලියන 40 ක් රජය වෙන්කර ඇති බවත් . වී මිලදී ගැනීම සදහා අවශ්‍ය රුපියල් කෝටි 2980 ක ප්‍රතිපාදන රාජ්‍ය බැංකු මගින් සපයා ගන්නා බවත් මෙහි දී අනාවරණය විය.

කාලීන පුවත්