රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.
මෙම අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවද විගණන නිලධාරීහු ප්‍රකාශ කරති.
සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙසේ අතුරුදන්ව ඇතැයි
කියති.