රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව “සංසදය” සුව ඇමති හමුවට  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම නිසා ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු වැඩපිළිවල තුළ අද වන විට බරපතල ගැටළු සහගත තත්වයක් උද්ගත වී ඇති බවත් එයින්  අපේක්ෂිත අරමුණු අද වන විට ඉටු වී නොමැති බවත් පවසමින්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF)   සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමු වී  සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම හමුව පසුගිය 13 වන දින “සුවසිරිපාය” සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය නිවේදනයක් මඟින් කියා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා ඇතුළු ක්‍රියාකාරී කමිටු කණ්ඩායමක් මෙයට  සහභාගී වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම මත වෛද්‍ය වරුන්ට සහ රටේ රෝහල් පද්ධතිය මඟින් සිදු කරන රෝගී සත්කාර සේවාවට දැඩි පීඩාකාරී තත්වයක් උද්ගත කරන දැනට ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු සතිය වහාම අහෝසි කරන ලෙස මෙහි දී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ඉල්ලා සිටි බව ද එම සංසදය කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඒ සම්බන්ධයෙන් නිකුත්කරන ලද නිවේදනය සහ සෞඛ්‍ය ලේකම් වරයා වෙත යොමුකොට ඇති සංදේශය මෙලෙසිනි.

නීති මගින් ක්‍රියා කිරීම – බලහත්කාර වාර්ෂික ස්ථාන මාරු කරවීම පිළිබඳව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) සහ ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර ඉතා වැදගත් සාකච්ඡාවක් 2021 දෙසැම්බර් මස 13 වන දින සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුනි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා ඇතුළු ක්‍රියාකාරී කමිටු කණ්ඩායමක් මෙයට සහභාගී විය. සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් පහත සඳහන් ඉහළ නිලධාරීන් සහභාගී විය.

1. සෞඛ්‍ය ලේකම්-විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ 2. අතිරේක ලේකම්-විශේෂඥ වෛද්‍ය සුනිල් ඩී. අල්විස් 3. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්-විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන 4. නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ-විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය 5. නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ-විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය 6. අධ්‍යක්‍ෂක තෘතික සේවා-විශේෂඥ වෛද්‍ය අයන්ති කරුණාරත්න
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම නිසා ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු වැඩපිළිවල තුළ අද වන විට උද්ගත වී ඇති බරපතල ගැටළු සහගත තත්වය සහ එයින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු අද වන විට ඉටු නොවන තත්වයක් තුළ,ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

වෛද්‍ය වරුන්ට සහ රටේ රෝහල් පද්ධතිය මඟින් සිදු කරන රෝගී සත්කාර සේවාවට දැඩි පීඩාකාරී තත්වයක් උද්ගත කරන දැනට ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු සතිය වහාම අහෝසිකරන ලෙස මෙහිදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ඉල්ලා සිටියේ ය. වෛද්‍ය වරුන්ගේ  වාර්ෂික ස්ථාන මාරු වෘත්තීය සමිති බලපෑම් වලින් තොරව ඉතා සාධාරණ හා අපක්‍ෂපාතී ලෙස විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිනි.

රෝහල් තුළ සිටින්නාවූ වෛද්‍ය පරිපාලකයන් හා විශේෂඥ වෛද්‍යවරුන් අදාල වන විට  ඔවුන්ගේ ද එකඟතාවයෙන් තොරව බලහත්කාරව ස්ථාන මාරු සිදු කිරීම පිළිබඳව අපගේ විරෝධතාවය ප්‍රකාශ කලෙමු.

රෝහල් වල ශාඛා නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පරිපාලනය තුට්ටුවකට දමා ස්ථාන මාරු කරන වැඩ පිළිවෙලක් ඇති බවට පෙන්වා දෙන ලදී. අමාත්‍යංශය මෙම තත්වය අසාධාරණ බවට එකඟ විය.

එම නිසා අප සංසදය සියළුම ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනුයේ ඔබගේ හා ඒකක විශේෂඥ වෛද්‍ය ප්‍රධානීන්ගේත් කැමැත්ත නොමැතිව ස්ථාන මාරු නොකරන ලෙසට අමාත්‍යංශය උපදෙස් ලබා ගන්නා ලෙසට ය.එහෙත්, ස්ථාන මාරු සතියක් යන ලැජ්ජා සහගත ක්‍රියාවලිය වහා නැවැත්විය යුතු ය.

එමෙන්ම Re-attachmentනම් ප්‍රෝඩාව වහා නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ විය.Re-attachment. නම් වංචනික ක්‍රියාවලිය සිදු වනුයේ සංගමයක නායකයන් හා එහි හෙන්චයියන් ස්ථාන මාරු නොවී රඳවා ගැනීමට පමණක් බව අප එවැනි උදාහරණ ලැයිස්තුවක් පෙන්වා දුනි.

එවැනි අවුරුදු 20ක් ස්ථාන මාරු නොවී රඳවා ගැනීමට පමණක් බව අප එවැනි උදාහරණ ලැයිස්තුවක් පෙන්වා දුනි. එවැනි අවුරුදු 20ක් ස්ථාන මාරු නොවී සිටින්නාවූ හෙන්චයියන් ලැයිස්තුවක් අප අමාත්‍යංශයට ලබා දුනි. ස්ථාන මාරු කිරීම අත්‍යවශ්‍ය නම් එම ප්‍රෝඩාකාරී වංචනික සංගම් නියෝජිතයන්ව ස්ථාන මාරු මුලින්ම කර සිටිය යුතු බවට පෙන්වා දුනි.

නීති බලයක් නොමැති සංගමයෙන් නීතියට පටහැනි ලෙස බලපෑම් කරන ආයතන වලට විරුද්ධව වෛද්‍යවරුන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පෙන්වා දෙන ලදී.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
සභාපති
පිටපත්: 01. සෞඛ්‍ය ලේකම්
02. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
03. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා ඓ සහ ඓඓ
04. සියලුම මාධ්‍ය

ලේකම්,
සෞඛ්‍ය අමාත්‍යංශය,
“සුවසිරිපාය”
කොළඹ 10.
2021.12.16
නීත්‍යානුකූල නොවන වෘත්තීය සමිති නිලධාරීන් මණ්ඩලයක් නීතියට පටහැනිව කටයුතු කිරීම.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යනු වර්තමානයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු පිළිබඳ ඉදිරිපත් වන ප්‍රධාන වෘත්තිය සමිති 2කි.වෙනසකට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය තම ව්‍යවස්ථාවෙන්ම වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ලෙස රෝගීන්ට එරෙහිව කටයුතු කිරීම ස්වයං වාරණයකට ලක් කොට ඇති බව ය.

වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට හා එහි ක්‍රියාකාරී කමිටුවට වාරණ නියෝගයක් ක්‍රියාත්මක වන බව අප දැනුවත් වී ඇත. එහි පිටපත් අප වෙත ලැබී ඇත.

තත්වය එසේ තිබිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යංශයට නියෝග නිකුත් කිරීමක් හා මාධ්‍ය කටයුතු මගින් විවේචනය කිරීමක් දක්නට ලැබේ. එපමණක්  නොව වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු වීම් සඳහා සෘජු බලපෑමක් එල්ල කිරීමක් සිදු කරයි.

තව ද පශ්චාත් සීමාවාසික පත්වීම් කෙරෙහි විවේචනාත්මක බලපෑම් මාධ්‍ය මගින් දු කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පළවෙනි මහලේ අංක 07 කාමරයට වෘත්තීය සමිති කාමරයක් ලෙස කටයුතු කරයි.

එම කාමරය තුළ සංගමයේ ලිපි කරු ද යොදා රාජකාරී ඉටු කරයි. තව ද වෛද්‍ය වරුන්ගේ cඔන්සෙන්ට් එක නොමැතිව අක්‍රමික ලෙස වැටුපෙන් මුදල් විවිධ සංගමයේ අරමුදල සඳහා ගණකාධිවරුන් විසින් කපා හරියි.

එම නිසා මේ පිළිබඳ කොපමණ දැනුවත් කළ ද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි ක්‍රියා මාර්ගයක් නොගැනීමේ තත්වයක් මේ දක්වා නිරීක්ෂණය විය.

මෙය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින්නා වූ වෛද්‍ය නිලධාරීන්ට වන අසාධාරණයක් බැවින් හා එක නීතියක් එක රටක් සංකල්පය පැහැර හැරීමක් ද වන බැවින් ඔබ තුමාට එරෙහිව නීති මාර්ගයෙන් අප සංසදය කටයුතු කිරීමට පෙර නීති උපදෙස් මත මෙම ලිපිය අප මූලික විරෝධතාවයක් ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්නෙමු.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සභාපති

පිටපත් : 1. සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල

2. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

3. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සේවා

එතෙර - මෙතෙර