රජයේ සංචාරක නිකේතන 720න් නිසි ප්‍රයෝජන ගෙන නෑ

රාජ්‍ය ආයතන යටතේ හඳුනාගත් සංචාරක නිකේතන 720 ක් පමණ පැවතියද එම සංචාරක නිකේතන වසර පුරාවටම ප්‍රයෝජනයට නොගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) මහේෂ් ගම්මන්පිල පැවසීය.

මේ වන විට මේ අතරින් සංචාරක නිකේතන හතළිස් හතරක් දේශීය සහ විදේශීය සංචාරකයන්ට දිය හැකි පරිදි වැඩිදියුණු කිරීමට හඳුනාගෙන ඇති බවත්, ඒවා ගෙස්ට් හවුස් තිස්හතරක් ලෙස සංචාරක අධිකාරියේ ලියාපදිංචි කළ හැකි මට්ටමට සංවිධානය කිරීමට බලාපොරොත්තුවන බවත් හෙතෙම පැවසීය.

මේ සඳහා මේ වන විටත් රුපියල් මිලියන හයසීයක මුදලක් වෙන්කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කාලීන පුවත්