රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට ලබාදුන් සහන දීමනා වැටුප් වැඩිවීම නිදහස් වෙළඳ කලාප සේවකයන්ට ද මෙම මස අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු නොකළහොත් වෙළද කලාප 14 ක 148000 වන සේවක පිරිස සමග මහපාරට බසින බව වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණි රත්නායක මහතා පවසයි.රත්නායක මහතා මෙම අදහස් පළ කළේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිවිසුම අසල පැවැති සේවක උද්ඝෝෂණයකට එක්වෙමිනි .වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම රැසක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්විණි
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ගාමිණි රත්නායක මහතා කොරෝනා කාලයේ නිවසට වී සිටි රජයේ සේවකයනට වැටුප් වැඩිකිරීමට කටයුතු කළ මුදල් ඇමතිවරයා කොරෝනා අවදානම නොතකා රටට ඩොලර් උපයාදීමට කටයුතු කළ වෙළඳ කලාප සේවකයන් නොසලකා හැර ඇති බවත් වෙනත් ඇමතිවරුන්ට බෝල පාස්කිරීම නවතා වෙළඳ කලාප සේවකයන් ඇතුළු ලක්ෂ 45 ක් පමණ වන පුද්ගලික අංශයේ සේවකයන්ට මෙම දීමනාව ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.