සාගත වසංගත යන වදන් බොහෝ විට එක් ව යෙදෙයි.එමෙන්ම වත්මන් කොවිඩ් වසංගතයත් සමග සාගතයක පෙරමඟ සලකුණු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුළින් පහළ වෙමින් තිබේ. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. එසේම වී ගොවියාට මෙන්ම එළවළු ගොවියාට ද සිය අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම මෙයට මූලික වූ තවත් කාරණයකි.
යළ කන්නය පටන් ගත් පසුව රසායනික පොහොර තහනම් කිරීමට රජය තීරණය කිරීම නිසා ගොවීන් සතුව රසායනික පොහොර යම් ප්‍රමාණයක් පැවැතිණි. එම නිසා යළ කන්නයේ ගොවිතැනට වූ බලපෑම අවම ය. එහෙත්, මහ කන්නය වෙනුවෙන් දැන් රසායනික පොහොර නැත. කාබනික පොහොර ද නැත.
කෘෂිකර්ම අමාත්‍යාංශය මුලින්ම ගොවීන් ලක්ෂ දෙකකට කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් මූල්‍යාධාර දෙන බව ප්‍රකාශ කළේය. රුපියල් දෙලක්ෂ දස දහසක මුලක් ඒ වෙනුවෙන් දෙන බවද ප්‍රකාශ කෙරිණි. ගොවීන් ලක්ෂ දෙක ගොවිජන සේවා මධ්‍යස්ථානයකට එක් ගොවියෙකු ලෙස වෙනස් වූවේ නිමේෂයකිනි.
රටේ ගොවිජන සේවා මධ්‍යස්ථාන පවතිනුයේ 560 ක් පමණකි. කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික පොහොර ගොවීන් ලක්ෂ දෙක ගොවීන් 560 දක්වා අඩු කොට ඇත. අර්විනියා නම් පසට අතිශය අහිතකර බැක්ටිරියාව සහිත කාබනික පොහොර ගේන්න දැන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටියි.
මෙම ප්‍රමාදය වී ගොවිතැනට ප්රබලව බලපානු ලබයි. මහ කන්නයේ වී ගොවිතැන ඔක්තෝම්බර් මස මැද වන විට ආරම්භ වෙයි. ගල්ඔය ව්‍යාපාරය, මඩකලපුව වැනි ප්‍රදේශවල මහ කන්නය ආරම්භ වන්නේ ඔක්තෝම්බර් නොවැම්බර් අතර ය. නියර බැඳ කුඹුරු සකස් කිරීම ගොවීන් ආරම්භ කරනුයේ ඔක්තෝම්බරයේ ය. පොහොර නොමැතිව වී වගාව ආරම්භ කළ නොහැකි ය.
වී ගොවිතැනට කාබනික පොහොර යෙදවිය හැකි වුවද බෑවුම් පරිසරයක හැදෙන තේ ගසට කාබනික පොහොර යොදවන්නේ කෙසේද? යන්න ගැන තවම කිසිදු පර්යේෂණයක් කර නොමැත. එසේ තිබියදී තේ වගාව වෙනුවෙන් රසායනික පොහොර දෙන්නේ ද කාබනික පොහොර දෙන්නේ ද යන් ගැන තවම නිසි තීන්දුවක් ගෙන නොමැත. මෙයින් විනාශ වී යන්නේ “සිලෝන් ටී” නැමැති ලංකාවේ තේ සඳහා ඇති ලොව සුපතල කීර්තිනාමය ය.
ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේදී පමණක් තේ නිෂ්පාදනය කිලෝ ලක්ෂ 14 කින් අඩුවී තිබේ. මෙයින් වැඩිපුරම අපහසුතාවයට පත් වන්නේ කුඩා තේ වතු හිමියන් ය. නමුත් රජයට කිසිදු විකල්පයක් නොමැත.
ශ්‍රී ලංකාවේ තේ වගාව විනාශ වෙමින් යද්දී වී වගාව ද එලෙස විනාශ වෙමින් යන්නේ අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම හේතුවෙනි. මින් පෙර වී කිලෝවක් සදහා පැවැතියේ රුපියල් 50 ක සහතික මිලකි. එහිදි ගැණුම්කරුවන්ට ගොවියාගෙන් වී මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 50 ට වඩා වැඩි මිලකට ය. එම කාලයේදී නාඩු වී කිලෝවක් රුපියල් 60 ට පවා අලෙවි වූ අවස්ථා තිබුණි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වී සඳහා නියම කළේ පාලන මිලකි.
රජයේ පාලන මිල වූවේ රුපියල් 55 කි. එහිදී ගැණුම්කරුවන්ට මෙම මිලට වඩා වැඩියෙන් වී මිලදී ගත නොහැක. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සෙත සලස්වා වී ගොවියා අසරණ කිරීමේ වැඩපිළිවෙලක රජය නිරත වී සිටියි. මේ සුදානම් වන්නේ වී ගොවියා ගොවිතැනින් ඈත් කරවීමට ද යන සැකය මතුව තිබේ.මෙය ඉතා සියුම් ලෙස සිතා බැලිය යුත්තකි.
මහාපරිමාණ වී මෝල් වටලා සහල් රැගෙන යන අයුරු පසුගියදා මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණි. ආණ්ඩුව ප්‍රකාශ කළේ සහල් මාෆියාව බිඳ දැමූ බවය. එසේ කියමින් සතොස ලොරි මගින් සහල් තොග රැගෙන ගියේය. කොපමණ සහල් තොග රැගෙන ගියේදැයි විමසා බැලු විට ප්‍රකාශ වූවේ සහල් කිලෝ ලක්ෂ 8 ක් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ මෝල් වටලා රැගෙන ගිය බවය.ලක්ෂ අටක සහල් මෙරට දෛනික පරිභෝජනයටවත් සෑහෙන්නේ නැත. මෙරට දින පරිභෝජනය සදහා සහල් කිලෝ ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බව පැවසේ. එසේ නම් රජය මේ කරන්නේ ද ජනතාව මුලා කිරීමක් බව පැහැදිලි ය.
එක පසෙකින් වී ගොවියාත්, අනෙක් පසින් තේ ගොවියාත් එම වගාවන්ගෙන් ඈත් කරමින් සිටින්නේ වෙනත් විකල්පයක් වෙනුවෙන් ද යන සැකය මතුව තිබේ. වී ගොවියා සහ තේ ගොවියා එම වගාවන්ගෙන් ඉවත් වූ විට එම භූමිය හිස්ව යයි. එහිදි රජයට මෙම හිස් භූමි ඩෝල් වැනි බහුජාතික සමාගම්වලට බදු දිය හැකිය.ගොවීන් එම සමාගම් වල කම්කරුවන් කළ හැකිය.
දැනට ද ඩෝල් සමාගමට කෙසෙල් වගා කිරීමට සෝමාවතියෙන් අක්කර 500 ක් ලබා දී තිබේ. එලෙස පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල වැනි ප්‍රදේශවල හිස්වන බිම් කොටස් ද කෙසෙල්, දුම්කොළ හෝ උක්ගස් වැනි වගාවන් වෙනුවෙන් බහුජාතික සමාගම් වෙත බදු දිය හැකිය.
ඌව වෙල්ලස්ස ගොවීන්ට මුහුණ දෙන්නට සිදුවූවේ ද මෙම අවාසනාවන්ත ඉරණමට ය. මඩ සෝදාගත් කළ රජකමට සුදුසු බව කියු ගොවීන් අද උක් කර්මාන්ත ශාලාවන් හි කම්කරුවන් බවට පත්ව තිබේ. නිසි මිලක් නැති නිසා තමන් වී ගොවිතැනින් ඉවත් වන බව දැනටමත් පොළොන්නරුවේ ගොවීහු වේදනාත්මකව ප්‍රකාශ කරති. එසේ නම් මේ ගමන් කරන්නේ ඌව වෙල්ලස්ස ගොවීන් යොමු කළ මාර්ගයටම ද යන්න සැක සහිතය.
ඩොලර් හිඟය නිසා විදේශයෙන් සහල් ගෙන්වීමේ ගැටළුවකට වුවද මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැක. එම නිසා මෙම වසංගතයෙන් පසු සාගතයකට ජනතාවට මුහුණ දීමට ජනතාවට සිදුවීම වැලක්විය නොහැක ලසන්ත වීරකුලසූරිය