වර්තමානයේ රටේ උද්ගතව ඇති ගැටඑ අර්බුද වලට විසඳුම් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුඑවක් කැඳවන ලෙසට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කොට ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රටට හා ජනතාවට බලපා ඇති ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් අන්තර්ගත යෝජනා 15 ක් ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වී තිබේ. එම යෝජනා සම්බන්ධයෙන් අගමැති වරයා ද ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව ඊයේ(09 ) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා පැවසීය.