රටේ මිනිස්සුන්ට මල් මල් හීන පෙන්නන්න යන රනිල්ට රෝහිණී කවිරත්නගෙන් සැර කතාවක්

කෘෂිකර්මාන්තය අන්තයටම කඩා වැටී තිබියදී ගංජා නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ උපහාසාත්මක කතාවක් ඉදිරිපත්කළේය.

ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

“වී, එළවලු, එහෙම නැත්තන් අතිරේක බෝග ඒවා මුකුත් ඕනේ නෑ ත්‍රෛලෝක විජය පත්‍ර වගා කරගත්තම හරී…. මට මතක් වෙනවා ත්‍රෛලෝක විජය පත්‍ර පවන් සලන ලෝකෙ. මල් මල් හීන ත්‍රයි රෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳෙනවා… කියල කියනවා…. ඔන්න ඕක තමයි දැන් කියන්න වෙන්නේ”

කාලීන පුවත්