බරපතල ලෙස කඩාවැටී ඇති දේශය ගොඩනැඟීම උදෙසා වූ ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන වැඩසටහනට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ තවත් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු අතර හමුවක් ඊයේ(04) විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැත්විණි.සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.