රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් අනාථ වෙලා!

ජනාධිපතිවරණය අවසන් වනතුරු ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන් දහසකට ආසන්න පිරිසක් සහ එම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්,වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පවසයි.ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ ආතාවුද මහතා මැතිවරණයක් පැවැත්වෙන බව යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා නොකළ යුතු බව ද පෙන්වා දුන්නේය.එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම අසාධාරණය පිළිබඳව සොයා බලා කටයුතු කරන අපේක්ෂකයකුට මෙම ජනාධිපතිවරණයේ දී තම සංගමය සහාය පළ කරන බවකි. දිනේෂ් ආතාවුද මහතා මේ බව පවසා සිටියේ පෙරේදා (17දා) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

කාලීන පුවත්