රට මේ තත්වයට වැටුණේ මහින්ද රාජපක්ෂ දේශපාලනයට තම පවුල එක් කර ගත් නිසා ඔහු මීට වග කිව යුතුයි

තමන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ වසර හතලිහක් දේශපාලනය කළ බවත් ඒ අතරේ පවුලේ කිසිවකු දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අද රට මේ තත්වයට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඒ කීම් පිළිනොගෙන දේශපාලනයට තම පවුල සම්බන්ධ කර ගත් නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී කීය ඒ සමඟම මන්ත්‍රී වරයා කියා සිටියේ ඒ අනුව අද ඇතිවී තිබෙන තත්වයට මහින්ද රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවකි..මේ අතර වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළමු වතාවට සිය සාටකය නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණ තිබිණ.මහින්ද,චමල්,බැසිල්,ශෂීන්ද්‍ර සහ නාමල් යන රාජපක්ෂ පවුලේ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පැමිණෙනුයේ ඔවුන් තම පරම්පරා උරුමයක් සේ සළකන කුරහන් සාටකය නම් පළඳනාව සහිතව ය.නමුත් මෙවර ජනතා විරෝධය රාජපක්ෂ පවුල වෙත සෘජුව එල්ල වීමත් සමඟම චමල් රාජපක්ෂ මහතා තම සාටකය නොමැතිව පාර්ලිමේන්තුඅවට පැමිණීම කාගේත් අවධානයට යොමු විය.

කාලීන පුවත්