රට වටේ ලැව් ගිනි තත්ත්වයක් ඇතිව නොමැති බවත් එසේ ඇති වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.වන සංරක්ෂණ ජනරාල් ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව තෘණභූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ඇති වීමේ සාමාන්‍ය ප්‍රවනතාවක් පවතින බවයි. පසුගිය 2024 වසරේ හෙක්ටයාර 437.9ක් මේ ආකාරයට ගිනි ගැනීමට ලක්ව ඇත.මෙම කැලෑ ගිනි පාලනය සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ අනෙකුත් ආයතන කටයුතු කරනු ලබයි. අවශ්‍ය අවස්ථාවල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලබා ගනියි.මෙම වසරේ ද පසුගිය දිනවල වියළි කාළගුණයත් සමගම ගිනි ගැනීම් සුලු ප්‍රමාණයක් ඇතිවූ අතර එම ගිනි ගැනීම් පාලනය කිරීමට හැකි වූ බව වන සංරක්ෂණ ජනරාල්වරයා සදහන් කරයි.එසේම බහුලව ගිනි ඇතිවන දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, මතලේ, රත්නපුර, මොණරාගල සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්ක වේ.එසේම මෙම ලැව් ගිනි සියල්ලක්ම මිනිසුන් විසින් ඇති කරන ලද ගිනි බැවින් වනාන්තර අසළ ගිනි තැබීමෙන් වළකින ලෙස ද වන සංරක්ෂණ ජනරාල්වරයා, මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.