රතාන් ටාටා අභාවප්‍රාප්ත වෙයි

ගෝලීය ව්‍යාපාරිකයන් අතරේ ද මුල් තැනක් ගත් ඉන්දියාවේ ටාටා සමූහයේ අධිපති වන රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 86 හැවිරිදි වියේ පසුවූ කලක් අසනීපයෙන් පසුවනු ලදුදු මුම්බායි හි බීච්කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ. ඔහු දශක දෙකකට වැඩි කාලයක් නායකත්වය දුන් ටාටා සමූහය පවසයි.ඉන්දියාවේ විශාලතම සමාගමක් වන ටාටා සමූහයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 (පවුම් බිලියන 76.5) ඉක්මවයි.ඔහු ටාටා සමූහයේ සභාපති වරයා ලෙස කටයුතු කරන කාලය එම සමූහය ඇන්ග්ලෝ-ලන්දේසි වානේ නිෂ්පාදක කෝරස්, එක්සත් රාජධානිය පදනම් කරගත් මෝටර් රථ සන්නාමයන් වන ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් සහ ලොව දෙවන විශාලතම තේ සමාගම වන ටෙට්ලි අත්පත් කර ගැනීම ඇතුළු ඉහළ පෙළේ අත්පත් කර ගැනීම් කිහිපයක් සිදු කොට ඇත.2011 දී ඉකොනොමිස්ට් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද විවරණයක දී ටාටා මහතා අතිශය ප්‍රතාපවත් මිනිසා ( )ලෙස ද හඳුන්වා තිබේ.

කාලීන පුවත්