රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් දුන්නේ ඇයි?

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් දුන්නේ ඇයි? රන්ජන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබා දුන් ජනාධිපති සමාව කොන්දේසි සහිත බැවින් ඔහුගේ සිවිල් සහ දේශපාලන නිදහස අහෝසි වී ඇති බවට විපක්ෂ නායක සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස චෝදනාව පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ නීතිඥවරු පිරිසක් පෙන්වා දෙති. ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායක මහතා වැරදිකරු කර දඬුවම් පමුණුවා ඇත්තේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනාවකට බැවින් සැබැවින්ම ඔහුගේ නිදහස තහවුරු කළ යුතුව ඇත්තේ අධිකරණය අපහසුතාවට පත් නොවන සහ වැරදි පූර්වාදර්ශයක් නොලැබෙන ලෙස බවත් ඔවුහු පවසති. රන්ජන් රාමනායක මහතා ගේ නිදහස සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසනුයේ වසර හතක් යනතුරු මැතිවරණයකට තරග කළ නොහැකි වුවත් අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඔහුට ඉඩ ලබාදිය හැකි බවකි.

කාලීන පුවත්