රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

අද දින සිට වසර පහක කාලයක් තුළ වෙනත් වරදකට වරදකරු වුවහොත් මෙම වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක වන බව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණයේ දී රංජන් රාමනායකට පැහැදිලි කරන ලදි.

අද දින සිට වසර පහක කාලසීමාව තුළ වෙනත් කිසිදු වරදකට වරදකරු නොවූවහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම දඬුවම නොකළා සේ සැලකෙන බවත් විනිසුරුවරයා රාමනායකට වැඩිදුරටත් පැහැදිලි කර දෙන ලදි.

කාලීන පුවත්