රන්ජන්ට හෙට නිදහස?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට හිඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හෙටට (04) දිනට යෙදී ඇතිජාතික නිදහස් දිනයේ දී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ.ඒ අතර තමන් වැලිකඩින් එළියට එද්දී තමනට ආදරේ කළ අය දැකීමට කැමැත්තෙන් පසුවන බැවින් පෙරවරු 11.00ට තමන් පිළි ගැනීමට පැමිණෙන ලෙස රාමනායක මහතාගේ සමාජ ජාල ගිණුමේ ඇති සටහනකින් ද පැවසෙයි.අප රටේ දේශපාලනඥයන් අතරේ හිඳින සොරකු,වංචා කරුවකු හෝ දූෂිතයකු නොවන සමාජයේ අනේක විධ පීඩාවට පත් පාර්ශවයන් වෙනුවෙන් අවස්ථා කීපයක දීම කැප වී ක්‍රියා කොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධීපති සමාව මඟින් නිදහස දෙන ලෙස ඉල්ලා පාර්ශව කිහිපයක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් සේම ජනාධිපති වරයාගේ පෞද්ගලික හිතවතුන් පවා ඒ අතර වීම විශේෂත්වයකි.

කාලීන පුවත්