රන් තැටි සිද්ධියට අත් අඩංගුවට පත් කතරගම ප්‍රධාන කපුවාට ඇප

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුරාල වන සොමිපාල ටී රත්නායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද(27) නියෝග කළේය. ඒ කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු තිස්සාමහරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා ද මේ වන විට ඇප මුදා හරිනු ලැබ සිටියි. රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව අධිකරණයේ දී ප්‍රකාශ විය.

කාලීන පුවත්