රනිල් ආයිත් ඉන්දියා යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය.හිටපු ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වා ඉන්දීය සංචාරයක නිරත වූ අතර ඔහු දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙය වේ.මෙවර ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් ඊට අමතරව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලැබුණු ආරාධනයකට අනුව දෙසැම්බර් 27 වැනිදා අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිත බවත් පැවසෙයි.රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සතියකට වැඩි කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව දැන ගන්නට තිබේ. ඉන්දියාවේ පෞරාණික ස්ථාන නැරඹීම සඳහා මෙම සංචාරයේදී ඔහු වැඩි කාලයක් වෙන් කර තිබෙන බවද දැනගන්නට ඇත.

කාලීන පුවත්