රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කන් තුනකට මාරු

රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.එම වෙඩි තැබීමේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයට සහ සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලටත් අධිකරණ කටයුතුවලටත් සහභාගී වීම සඳහා මෙසේ අදාළ ඉහළ නිලධාරීන් තිදෙනාට ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි .මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධියෙන් මරණයට පත් වූ පුද්ගලයාට විරුද්ධව මිනී මැරුම් චෝදනා යටතේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවක් ප්‍රකාශ කිරීම එම පොලිස් වෙඩි තැබීම සාධාරණීකරණය කිරීමට දැරූ බොළඳ උත්සාහයක් බව බොහෝ දෙනකුගේ මතයයි.

කාලීන පුවත්