රාජකීය අවමංගල්‍යයට එන රාජ්‍ය නායකයන්ට කොන්දේසි පනවයි

ලබන 19 දා පැවැත්වෙන දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සාර්ථක අන්දමින් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඒ සඳහා එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ යම් යම් කොන්දේසි පැනවීමට තීරණය වී තිබේ.රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයන්ගෙන් ලන්ඩනයට පැමිණීම සදහා වාණිජ ගුවන්යානා මිස පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකරන ලෙස ඉල්ලීමක් කොට තිබේ.එමෙන්ම විදේශ රට වල සිට පැමිණෙන රාජ්‍ය නායකයන් හට හෙලිකොප්ටර් යානා භාවිත කර්මින් මහා බ්‍රිතාන්‍යය තුළ සංචාරය නොකරන ලෙස ද දන්වා ඇති අතර. එමෙන්ම රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථාන පරිශ්‍රයේ ඉඩකඩ සීමිත බැවින් එක් එක් රටවල් නියෝජනය කරමින් අදාළ රටේ රාජ්‍ය නායකයාට පමණක් රාජකීය අවමංගල්‍ය උත්සවයට එක් වීම පිණිස ඊට පිවිසීමට අවකාශ ලැබේ.

කාලීන පුවත්