රාජපක්ෂ පවුල් ආධිපත්‍යයට එරෙහි මන්ත්‍රී වරු පිරිසක් “විසි දෙක” සම්මත කර ගැනීමේ වෑයමක

ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමේ පසුබිමක් තුළ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම්ක් එක්ව එම ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර බලය සකස් කර ගැනීමේ සූදානමක් පවතින බව අලුත්ම දේශපාලන ආරංචි මාර්ග කියයි.වත්මන් දේශපාලනයේ රාජපක්ෂ පවුල් ආධිපත්‍යයට එරෙහි ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සේම ස්වාධීන සහ විපක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රී වරුන් සිටින නිසා ඔවුන්ගේ සහය ද ලැබෙන තත්ත්වයක් තුළ මෙම සංශෝධනය සම්මත කළ හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දක්වන ප්‍රතිවාර කෙරෙහි ද එම මන්ත්‍රී වරුන්ගේ විශේෂ අවධානය යොමු ව තිබේ.

කාලීන පුවත්