රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම්

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම් රාජපක්ෂ වරුන් නොවන මෙරට ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ මූලික එකඟතා වැඩ පිළිවෙලකට යාමට 43 සේනාංකය වශයෙන් තමන් පසුබට නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.

ඔහු ඒ අදහස් පළ කළේ පසුගිය දා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සත්‍යගහය සඳහා 43 සේනාංක සාමාජිකයන් සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

එම සත්‍යග්‍රහය සඳහා 43 සේනාංකය එක් වූයේ එක්සත් ජාතික පක්ෂය කළ ඇරයුමකට අනුව බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ සේම ආණ්ඩුවේ පක්ෂ එකොළහේ කණ්ඩායම සමඟ වුව රාජපක්ෂ වරුන් නොවන පිරිස් දේශපාලන කණ්ඩායම් සමඟ මූලික එකඟ තාවකට එළඹීමට තමන් සූදානම් බව පාඨලී චම්පික රණවක මහතා කියයි.

කාලීන පුවත්