රාජ්‍ය සේවක “ලෙඩ වීමෙන්”මහජන සේවා රැසක් අඩාල වේ

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක් දක්වා වැඩිකළ දීමනාව සෙසු රජයේ සේවකයන්ට ද ලබාදෙන ලෙස බලකරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් ක්‍රියාත්මක වීම මත මහජන සේවා රැසක් අඩාල වී ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක් දක්වා වැඩිකළ දීමනාව සෙසු රජයේ සේවකයන්ට ද ලබාදෙන ලෙස බලකරමින් ඉදිරියට ද අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට පිවිසෙන බවකි.

කාලීන පුවත්