රාජ්‍ය සේවක වැටුප් විෂමතා සෙවීමේ කමිටුවට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාළ වෘත්තීය සමිති මඟින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන, එකී වැටුප් විෂමතාවන් පිළිබඳ කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අය-වැය මඟින් එම විෂමතාවන් නිවැරදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කියා සිටියේය.

කාලීන පුවත්