රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දිර්ඝ කිරීම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි. ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන කිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත. විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වන තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරින් හැර සෙසු සියලු සිවිල් නිලධාරින් සදහා අදාළ වන බව අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි විශ්‍රාම වැටුප් හිමිකම් ලබන සේවකයන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමේ අවම සේවා කාලය වසර 05 සිට 10 දක්වා දිර්ඝ කෙරේ මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරිමට ද නියමිත ය.