රාත්‍රියට මංමාවත් අඳුරේ තැබීමේ සැළසුමක්

වර්තමාන විදුලි බල අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස මහා මාර්ග ආශ්‍රිතව රාත්‍රී කාලයේ දැල්වෙන විදුලි පහන් සහ රජයේ කාර්යාලවල දිවා කාලයට දැල්වෙන විදුලි පහන් නිවා දැමීම සම්බන්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. මේ අතර රටේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේ දීත් අනිවාර්යෙන් විදුලි කප්පාදු කිරීම් කිරීමට සිදු වන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක සිල්වා මහතා අවධාරණය කරයි.මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර මහතා ප්‍රකාශ කළේ දැනට රට තුළ උද්ගත වී ඇති ආර්ථික අවපාතය හමුවේ සොර-මැරකම්,මංකොල්ල කෑම් වැඩිපුර සමාජගත වීමේ පැහැදිලි පසුබිමක් තුළ ප්‍රසිද්ධ ස්ථාන වල රාත්‍රී කාලයේ දැල්වෙන විදුලි පහන් නිවා දැමීම ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරවීමට යාම අතිශය අමනෝඥ ක්‍රියාවක් බව ය.

කාලීන පුවත්