රාවණාඇල්ල කන්දෙන් පහළට වැටී අයෙක් මරුට;සංචාරකයන් කාටත් පාඩමක්

රාවණාඇල්ල නැරැඹීමට පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (22) රාවණාඇල්ල කන්දෙන් පහලට ඇද වැටීමෙන් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ සන්දරාදුර නදීර මධුසංක නමැති අංක 172/4,:මොරගල්ල, බේරුවල ලිපිනයේ පදිංචි අයෙකි.මොහු ඊයේ (22) උදෑසන ඇල්ල කඳුවැටියට තවත් මිතුරෙකු සමග නැඟ ඇති අතර සවස පහයි තිහට පමණ ඉන් බැසීමට ගිය අවස්ථාවේ දි ප්‍රපාතයකට ඇද වැටි අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.අනතුරුව තුවාලකරු ප්‍රතිකාර සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත් මේ පිළිබඳව වැඩිදුරටත් සිදු කරන බවද ඇල්ල පොලිසිය වැඩිදුරටත් පවසයි.ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කරන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අනාරක්ෂිත ලෙස හැසිරීම නිසා ජීවිත හානි ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

කාලීන පුවත්