රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් මෝදිට එරෙහිව කිලෝමීටර් 3,570ක පා ගමනක

අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය ඉන්දියානුවන් ආගමික මෙන්ම කුලය සහ භාෂාව වශයෙන් ද වෙන් කර ඇති බැවින් සියලු භේද පසෙකළා ඉන්දියානුවන් එකමුතු විය යුතු බව බව පවසමින් ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන බලවේගයක් වන කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය රාහුල් ගාන්ධිගේ ප‍්‍රධානත්වයෙන් කිලෝමීටර් 3,570ක පා ගමනක් සංවිධානය කොට තිබේ. “එක් ඉන්දියාවක්” යන තේමාව යටතේ ආරම්භ වුණු මෙම පා ගමන, මාස 5 ක කාලයක් පුරා ප‍්‍රාන්ත 12 ක් පුරා ගමන් කිරීමට නියමිතය.

කාලීන පුවත්