රැකියා සොයා සංචාරක වීසා මගින් විදෙස් ගත වන්නවුන්ට වැට බැඳෙයි

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළදී රැකියා සොයා සංචාරක වීසා වලින් නිති විරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ පුද්ගලයන් 586 දෙනෙකු ගුවන් තොටුපලේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරින් ආපසු හරවා යවා තිබේ පසුගිය කාලයේ දී රැකියා පුහුණුවකින් තොරව සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා යොමු වි විවිධ හිරිහැර වලට ලක් වු කාන්තාවන් පිළිබඳව තොරතුරු වීම ඊට හේතුව බව පැවසෙයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් ඇති බව එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල කළ දැනුම්දිමෙන් පසු රැකියාවන් සදහා නුපුහුණු කාන්තාවන් යොමුවීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කාලීන පුවත්