දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත.
‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි.
දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බ්‍රිතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.