රැජිනගේ අවමඟුල දා ව්‍යාපාර මෙහෙයුම් නතර කිරීමේ නියමයක් නෑ අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන ලබන සැප්තැම්බර් 19 වැනිදා දිනය බැංකු නිවාඩුවක් ලෙස බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කර ඇතත් ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවීමට කිසිදු නියමයක් කොට නොමැති බව එම රජය දැනුම් දෙයි.එරට ව්‍යාපාර ස්ථාන වසා තැබීම හෝ පවත්වාගෙන යාම සිදු කළ හැක්කේ ඒවායේ හිමිකරුවන්ගේ අභිමතය පරිදි බවත් බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් සඳහන් කරයි.රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එදින පෙරවරුවේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්විමට නියමිතව තිබේ. දැනටමත් එරට සුප්‍රසිද්ධ ඇඟලුම් වෙළෙඳ නාම රැසක් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් රැජිනට දක්වන ගෞරවයක් ලෙස එදින සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවන බව දැනුම් දී තිබේ. එහෙත් සුපිරි වෙළෙඳසැල් කිහිපයක් සීමිත කාලයකට පමණක් වසා දැමෙන බව දැනුම් දී ඇත.