අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති මුත් මාලිමා ආණ්ඩුව පැමිණි පසු රිලව් පැටවු ගැසුවා හෝ අලි වැඩි වුණා නොව ඒවා කාලයක් තිස්සේ නොවිසඳුනු ප්‍රශ්න බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.එදා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන තත්ත්වයට අද පත්ව ඇති බවත් මාලිමාව භාරගත්තේ අසාධ්‍ය රෝගියෙකු වැනි රටක් බවත් ඔහු සදහන් කරයි.නමුත් මෙම ගැටළුවලට විද්‍යානුකූල ලෙස විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසුවේ බදුල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.