පිළිකා රෝගීන්ට සඳහා ලබා දුන් රුපියල් 76,000 පමණ වටිනා ඖෂධයක් රුපියල් 370 කට පහත හෙළූ පුවතක් පසුගිය දිනවල වාර්තා විය. මේ මිල ගණන් අතර වෙනස පිළිබඳ සලකා බැලුවහොත් එය හුදෙක් සාමාන්‍ය පුවතක් නොව විස්මයජනක මෙන්ම ලොව පුරා ප්රකටව යායුත්තක් ද විය යුතුය. මේ පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා වැඩි ප්රසිද්ධයක් සමාජ මාධ්‍යවලින් ලබා දී තිබුණු අතර බොහෝ දෙනෙක් පවතින රජයට සහ ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තුති කොට තිබිණි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මේ සම්බන්ධව මාධ්‍ය හමුවක දී පවසා සිටියේ මේ ඖෂධය හෘද රෝග සැත්කම් සඳහා යොදා ගන්නා එකක් බවය. ඖෂධ ඒකාධිකාරයක් පැවතීම නිසා එතරම් ඉහළ මිල ගණනකට මේ ඖෂධය පසුගිය කාලයේ මිල දී ගැනීමට සිදු වූ බවත් පවසා සිටියේය. මෙවැනි අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔහු පවසා සිටිය ද මේ ඖෂධය කුමක් ද යන්න පිළිබඳ එකී පුවතේ ද සඳහන්ව තිබුණේ නැත.
මේ පුවත මුලින්ම වාර්තා වී තිබුණේ ලංකාදීප වෙබ් අඩවියෙනි. එහි ‘76,000 පිළිකා පෙත්ත අපි 370 වට දුන්නා’ යනුවෙන් පුවතක් පළ වී තිබුණු අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මේ බව ප්‍රකාශ කළ බව එකී පුවතේ සඳහන්ව තිබිණි. ඇතැම් රෝගීන් මේ ඖෂධය මිලදී ගැනීම සඳහා ගේදොර පවා විකුණා දැමූ බවත් ඔහු සඳහන් කොට තිබිණි. කෙසේ නමුත් මේ තරම් මිලෙහි වෙනසක් සිදු වූ ඖෂධය කුමක්ද යන්න ඔහු පැවසූ බවක් එහි සඳහන් කර තිබුණේ නැත. පසුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මේ සම්බන්ධව මාධ්‍ය හමුවක දී පවසා සිටියේ මේ ඖෂධය හෘද රෝග සැත්කම් සඳහා යොදා ගන්නා එකක් බවය. ඖෂධ ඒකාධිකාරයක් පැවතීම නිසා එතරම් ඉහළ මිල ගණනකට මේ ඖෂධය පසුගිය කාලයේ මිල දී ගැනීමට සිදු වූ බවත් පවසා සිටියේය. මෙවැනි අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔහු පවසා සිටිය ද මේ ඖෂධය කුමක් ද යන්න පිළිබඳ එකී පුවතේ ද සඳහන්ව තිබුණේ නැත.
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුව පිළිබඳ පසුගිය 22 වැනිදා වාර්තා කොට තිබූ ඩේලි මිරර් වෙබ් අඩවියේ මේ ඖෂධය Papaverine යනුවෙන් සඳහන් ව තිබිණි. එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවල ද මේ ඖෂධ නාමය Papaverine Hydrochloride ලෙස සඳහන්ව තිබිණි.
මේ ඖෂධය පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා බලන විට සඳහන්ව තිබුණේ රුධිර නාල පුළුල් කොට රුධිර ගමනාගමනයට පහසුකම් සැලසීම සඳහා යොදා ගන්නා ඖෂධයක් ලෙසිනි. රුධිර නාලවල මාංශ පේශි ඉහිල් කිරීම තුළින් ඒවායේ ඇදීම වැඩි කර රුධිර පීඩනය පහල දමන්නට මෙය උපකාරී වෙයි. මේ හේතුව නිසා මෙය ඇතැම් හෘද සැත්කම් සඳහා භාවිත වන අතර පිළිකා රෝගීන් සඳහා මෙය ඵලදායි ඖෂධයක් බව මෙතෙක් තහවුරු වී නැති බව ද සඳහන්ව තිබිණි.
2019 සහ 2023 අතරේ සමයේ මේ ඖෂධයේ එක් ඒකකයක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් 58,000 – 76,000 ක් අතර පිරිවැයක් දරා ඇති අතර මෙය රුපියල් 370ක් දක්වා අඩු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මෑතක දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ පිළිබඳ කළ සොයා බැලීමෙන් පසුවය. මේ ඖෂධයෙහි මිලි ලීටර් 2 ක් සඳහා ඉන්දියාව තුළ ඉන්දීය රුපියල් 35 ක් වැය වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 121 ක් පමණ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඖෂධය ඇත්තේ කුඩු ස්වභාවයෙන් වන අතර එයින් ග්‍රෑම් 25 ක් සඳහා ඇමරිකානු ඩොලර් 78 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 23,310 ක් පමණ වැය කළ යුතු වේ. කැනඩාවේ මිලි ලීටර් 1 ක් කැනේඩියානු ඩොලර් 6.40 ක් හෙවත් රුපියල් 1,329 ක් පමණ වන අතර හොංකොංවල ද මෙය ඇත්තේ කුඩු ස්වභාවයෙන් නිසා එයින් ග්‍රෑම් 5ක් සඳහා හොංකොං ඩොලර් 492ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 18,873 ක් පමණ වැය කළ යුතු වේ.
ඉහත සඳහන් අධික මිලකට මෙය මිලට ගෙන ඇත්තේ රජය විසින් මිසෙක රෝගීන් නොවන අතර මෙය රජය විසින් රෝගීන්ට ලබා දුන් ඖෂධයක් නිසා රෝගීන්හට එවැනි අධික මිලක් දරන්නට සිදු වී නැත. අනෙක විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙය ඔසුසල්වලින් කිසිසේත්ම මිල දී ගත නොහැකි බවය.
මේ ඖෂධය යම් කිසි රෝගීයෙකුට දීර්ඝ කාලීනව ලබා දීමට නිර්දේශ නොකරන, එක් වරක් පමණක් භාවිත වන්නක් වේ. මෙය හෘද සැත්කම් සඳහා වුව ද භාවිත වන ප්‍රධාන පෙළේ ඖෂධයක් නොවන අතර හෘද සැත්කම් සඳහා භාවිත කෙරෙන ඖෂධයක් යැයි අප රටේ මාධ්‍යවල නිතර පැවසුන ද එය ඒ සඳහා පමණක්ව වෙන් වූ ඖෂධයක් ද නොවේ. අනෙක මේ ඖෂධය මිල දී ගැනීම සඳහා ඇතැමුන්ට නිවෙස් පවා විකුණා දමන්නට සිදු වූ බවට පුවත් පළ වුව ද එය හුදෙක් ප්රලාපයක් මිස සැබවින්ම සිදු වූවක් නොවුනකි. මන්ද එවැනි කිසිදු සිදුවීමක් වාර්තා නොවීම නිසාය. අනෙක ඉහත සඳහන් අධික මිලකට මෙය මිලට ගෙන ඇත්තේ රජය විසින් මිසෙක රෝගීන් නොවන අතර මෙය රජය විසින් රෝගීන්ට ලබා දුන් ඖෂධයක් නිසා රෝගීන්හට එවැනි අධික මිලක් දරන්නට සිදු වී නැත. අනෙක විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙය ඔසුසල්වලින් කිසිසේත්ම මිල දී ගත නොහැකි බවය.
මෙය අධික මිලකින් යුක්ත වුව ද, ඉතා අවම මිලකින් යුක්ත වුව ද එය සැලකිල්ලකට ගත යුතු වන්නේ රජයයක් හෝ ආයතන මට්ටමින් මිසක පුද්ගලික මට්ටමකින් නොවේ. එසේ හෙයින් මේ ප්‍රවෘත්තියේ සැලකිල්ලට ගත යුතු තරම් කාරණයක් පෞද්ගලික මට්ටමින් ජනතාවට හෝ රෝගීනට හෝ නැති බව ද සඳහන් කළ යුතුය.
මෙය බහුල වශයෙන් භාවිත නොවන ඖෂධයක් වන අතර භාවිත වන්නේ ද හෘද සැත්කම් සඳහා පමණක් බැවින් පුද්ගලිකව මෙය මිල දී ගැනීමක් සිදුවිය හැකි අවස්ථාවන් අඩුය. මෙය එකවරම සමාජ මාධ්‍යවල පැතිර ගියේ පිළිකා සඳහා ලබා දෙන ඖෂධයක දැවැන්ත මිල අඩු වීමක් ලෙසින් වුව ද මෙය කිසිසේත්ම පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙන්නේ නැත. අනෙක මෙහි අතුරු ආබාධ ද පවතින බැවින් තනි හිතුමතයට මෙය භාවිතයට ගැනීම කෙසේවත් සිදු නොකල යුත්තකි. අනෙක රුධිර නාල විස්තාරණය කිරීම සඳහා මේ වන විට මෙයට වඩා ඵලදායී, අතුරු ආබාධ අවම විකල්ප ඖෂධ වර්ග නිපදවා ඇති බැවිනි මෙහි භාවිතය ද ඉතාමත් අවම මට්ටමක පවතී. එබැවින් මෙය අධික මිලකින් යුක්ත වුව ද, ඉතා අවම මිලකින් යුක්ත වුව ද එය සැලකිල්ලකට ගත යුතු වන්නේ රජයයක් හෝ ආයතන මට්ටමින් මිසක පුද්ගලික මට්ටමකින් නොවේ. එසේ හෙයින් මේ ප්‍රවෘත්තියේ සැලකිල්ලට ගත යුතු තරම් කාරණයක් පෞද්ගලික මට්ටමින් ජනතාවට හෝ රෝගීනට හෝ නැති බව ද සඳහන් කළ යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක