පසුගිය කාලය තුළ රජය ගත් සුවිශේෂි ආර්ථීක ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම පිණිස කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ඊයේ (19) රුවන්වැල්ල ප්‍රදේශයේ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳපොලේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනික භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩු විය යුතු බව හා පාරිභෝගිකයන් ද එම වාසියේ හිමි කරුවන් විය යුතු බවකි.එමෙන්ම ආනයනික භාණ්ඩ මිල අඩු වීම කෙසේ සිදු වන්නේ දැයි සොයා බැලීම පිණිස මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක් ද සිදු කරන බැවින් නුදුරේ දීම එහි වාසිය ජනතාවට හිමි වන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.